චාමිකට අවසන් මොහොතේ දී ඔස්ට්‍රේලියානු තරග සංචාරය අහිමි වීමේ අවධානමක්

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා හෙට(3) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති පසුබිමකයි.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඔහුව හුදකලා කිරීමකට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඔහුට හෙට දිනයේ දී ශ්‍රී ලංකා සංචිතය සමග ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට ද නොහැකි වනු ඇති.

මීට පෙර කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාට, කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන (trainer) දිල්ෂාන් ෆොන්සේකාට මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ද කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.

ඔවුන් තිදෙනාම ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිත බවයි මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...