ක්‍රීඩාවේ ජීව ගුණයට හිමි ICC සම්මානය ලකුණක් ප්‍රතික්ෂේප කළ මිචෙල්ට

Date:

ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පිරිනමන මෙවර අයි.සී.සී සම්මානය (ICC Spirit of Cricket Award) හිමි කර ගැනීමට නවසීලන්තයේ ඩැරල් මිචෙල් සමත්ව තිබෙනවා.

ඒ, 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සදහා ඔහු සිදු කළ සුවිශේෂී ක්‍රියාව හේතුවෙන්.

ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පිරිනමන අයි.සී.සී සම්මානය හිමි කර ගත් සිව්වැනි නවසීලන්ත ක්‍රීඩකයා වන්නේ ඩැරල් මිචෙල්.

මීට පෙර ඩැනියල් විටෝරි, බ්‍රෙන්ඩන් මැකලම් හා කේන් විලියම්සන් යන නවසීලන්ත ක්‍රීඩකයින් ද මෙම සම්මානය හිමි කර ගෙන තිබුණා.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේ දී පහසුවෙන් ලබා ගත හැකිව තිබූ ලකුණක් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඩැරල් මිචෙල් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි මෙම සම්මානය ඔහුට පිරිනැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර ඇත්තේ.

අදාළ තරගයේ නවසීලන්ත ඉනිමේ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දුව අඩිල් රෂීඩ් විසින් යොමු කිරීමෙන් අනතුරුව පිතිකරණයේ නිරතව සිටි ජේම්ස් නීෂම් විසින් පන්දු යවන්නාගේ අන්තය දෙසටම පහරක් එල්ල කරනු ලැබුවා.

අනතුරුව පන්දුව රැක ගැනීම සදහා අඩිල් රෂීඩ් විසින් දැඩි උත්සාහයක නිරත වූ නමුත්, පන්දු යවන්නාගේ අන්තයේ රැදී සිටි ඩැරල් මිචෙල්ගෙන් ඔහුට බාධා එල්ල වූ බැවින් පන්දුව නතර කර ගැනීමට රෂීඩ්ට හැකි වූයේ නැහැ.

ඒ හේතුවෙත් ඉතා පහසුවෙන් ලකුණක් කරා දිව යාමට නවසීලන්ත පිතිකරුවන් දෙදෙනාට අවස්ථාව ලද නමුත්, තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් පැවැති එම අවස්ථාවේ දී අදාළ ලකුණ ප්‍රතික්ෂේප කිරීමට ඩැරල් මිචෙල් කටයුතු කළා. (එම සිදුවීමට අදාළ දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...