Watch : අවසන් පන්දුවට ලකුණු 5ක් දිවගොස් රැස් කර තරගය ජය ගත් හැටි

Date:

ක්‍රිකට් ක්‍රීඩාව යනු අපූර්ව සිදුවීම් නිරන්තරයෙන්ම වාර්තා වන අරුම පුදුම ක්‍රීඩාවක්.

ඇතැම් විට තරගයේ ජයග්‍රහනය පෙනි පෙනී තිබියදී ඇතැම් කණ්ඩායම් තරගය පරාජයට පත් වන අයුරු ඔබ ඕනෑ තරම් දැක ඇති.

එමෙන්ම තරගයේ පරාජය පෙනි පෙනී තිබියදී තරග ජය ගන්නා ආකාරය ද අප ඕනෑ තරම් ක්‍රිකට් පිටියේ දැක තිබෙනවා.

එවැනි අපූර්ව සිදුවීමක් පිළිබදවයි මෙම පුවතින් අප අවධානය යොමු කරන්නේ.

එනම්, අවසන් පන්දුවට කඩුලු අතර දිව ගොස් ලකුණු 5ක් ලබා ගනිමින් තරගයක් ජය ගත් සිදුවීමක් සම්බන්ධයෙනුයි.

මෙම සිදු වීම පාකිස්තානයේ කරච්චි නුවර පැවැත්වෙන Al-Wakeel Cricket League නම් තරගාවලියේ දී යි සිදුව ඇත්තේ.

තරගය පැවැත්වුණේ Automal හා Audionic යන කණ්ඩායම් අතරයි.

තරගය ජය ගැනීම සදහා Automal කණ්ඩායමට පන්දුවාර 20 තුළ ලකුණු 155ක් ලබා ගත යුතුව තිබුණා.

ඔවුන්ට අවසන් පන්දුවට ලබා ගැනීමට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 5ක්.

එම පන්දුවට කිසිදු හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල නොකර තරගය ජය ගැනීමට Automal කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්.

පිතිකරුවන් දෙදෙනා කඩුලු අතර දිව යමින් එම ලකුණු 5 වාර්තා කළ අතර, ඊට අදාළ විඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා වේගයෙන් හුමවාරුවෙමින් පවතින බව ද දැක ගත හැකියි.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...