කොරෝනා නිසා පීටර්සන්ට නවසීලන්ත තරගාවලිය අහිමි වෙයි

Date:

මේ වන විට ඉහළ දක්ෂතා අතර රැදී සිටින දකුණු අප්‍රිකා මුල්පෙල පිතිකරු කීගන් පීටර්සන්ට එළඹෙන නවසීලන්ත තරග සංචාරය අහිමි වී තිබෙනවා.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව කීගන් පීටර්සන් වෙනුවට Zubayr Hamza දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගාවලිය ද ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවට පිත්තෙන් සුවිශේෂී දායකත්වයක් දැක් වූ පීටර්සන් එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

පළමු තරගය ලබන 17 වැනිදා ද, දෙවැනි තරගය ලබන 27 වනදා ද ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...