ටමිම් ඉක්බාල් ගත් තීරණය යළි සලකා බලන්නැයි එරට තේරීම් කමිටුවෙන් ඉල්ලීමක්

Date:

ඉදිරි මාස 6ක කාලය තුළ 20යි 20 ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා නොකිරීමට බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් සිදු කරන බව එරට තේරීම් කමිටු ප්‍රධානී Minhajul Abedin පවසනවා.

ඔහු එලෙස 20යි 20 ජාත්‍යන්තර පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට ගත් තීරණය නිවේදනය කිරීමෙන් දිනකට පසුව ටමිම් ඉක්බාල් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී නොදැවුණු ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

මිනිස්ටර් ඩකා (Minister Dhaka) කණ්ඩායම වෙනුවෙන් ඔහු එම ශතකය වාර්තා කළේ සිල්හෙට් සන්රයිසස් (Sylhet Sunrisers) කණ්ඩායමට එරෙහිවයි.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා වන්නේ ද ටමිම් ඉක්බාල්.

20යි 20 ජාත්‍යන්තර පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට ඔහු ගත් තීරණය හේතුවෙන් ඉදිරි මස 6 තුළ දී බංග්ලාදේශය ක්‍රීඩා කරන 20යි 20 තරග 5ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ටමිම් ඉක්බාල්ට අහිමි වනවා.

තරුණ ක්‍රීඩකයින්ට බෙහෝ දේ ඉගෙන ගැනීම සදහා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටීම වැදගත් බවයි තේරීම් කමිටු ප්‍රධානී Minhajul Abedin මාධ්‍ය වෙත සදහන් කළේ.

ටමිම් ඉක්බාල් ගත් පෞද්ගලික තීරණයට ගරු කරන නමුත්, එම තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් සිදු කරන බව හෙතෙම කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...