5 වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි වන ප්‍රතිවාදීන් තීරණය වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(1) අලුයම සමත් වුණා.

ඒ, පස්වැනි ස්ථානය තේරීමේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් හිටපු ලෝක ශූර බංග්ලාදේශ යොවුන් කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව පාකිස්තාන යොවුන් කණ්ඩායම එළඹෙන 3 වැනිදා පැවැත්වෙන පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ඉන් ජය ගන්නා කණ්ඩායමට රටවල් 16ක් තරග වැදුණු මෙවර යොවුන් ලෝක කුසලානයේ 5 වැනි ස්ථානය හිමි වන අතර, පරාජයට පත් වන කණ්ඩායමට 6 වැනි ස්ථානය හිමි වනවා.

7 වැනි ස්ථානය තේරීමේ තරගය දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම හා බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

මේ අතර, මෙවර යොවුන් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද(1) පැවැත්වෙනවා.

එංගලන්ත යොවුන් කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම අතර ඇන්ටීගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 6.30ටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...