ප්‍රසන්න හා තිසරගේ ටයිගර්ස් කණ්ඩායමට තියුණු පරාජයක්

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද (31) Chattogram හි Zahur Ahmed Chowdhury ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවේ Fortune Barishal කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ තිසර පෙරේරා සහ සීක්කූගේ ප්‍රසන්න නියෝජනය කරන Khulna Tigers කණ්ඩායමයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Fortune Barishal කණ්ඩායමේ නායක ශකීබ් අල් හසාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඉනිම පිටියට පිවිසි Barishal කණ්ඩායම පන්දුවාර 18.5 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 145 ක් ලබා ගත්තා.

නායක ශකීබ් අල් හසාන් ලකුණු 41(27) ක් රැස්කළා. නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 45(40) ක් ලබා සිටියදී දැවී ගියේ තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේයි.

පන්දු යැවීමේදී කලෙඩ් අහ්මඩ් කඩුලු 3 ක් බිඳ හෙලූ අතර, කම්රුල් ඉස්ලාම් සහ ෆර්හාඩ් රේසා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. තිසර පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තේ සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදින්ට ලකුණු 32ක් ලබා දෙමින්.

ලකුණු 146 ක ජයග්‍රාහී ඉලක්කයක් හාඹා යාමට පිටියට පිවිසි Khulna Tigers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 139 ක් පමණයි.

යසීර් අලී නොදැවී ලකුණු 57(34) යි. මුශ්ෆිකර් රහීම් ලකුණු 33(22) ක් රැස්කළා. තිසර පෙරෙරා ලකුණු 4(3) කටත්, සීක්කුගේ ප්‍රසන්න ලකුණු 6(3) කටත් දැවී ගියා. ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රේ ෆ්ලෙචර්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 12(23) ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායක ශකීබ් අල් හසාන් ලකුණු 10 කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඩ්වේයන් බ්‍රාවෝ කඩුලු 3 ක් ද, ශෆිකුල් ඉස්ලාස් එක් කඩුල්ලක් ද දවාගත්තා.

තරගයේ වීරයා සම්මානය හිමි වුණේ තුන් ඉරියව් දක්ෂතාවයක් පෙන්නුම් කළ ශකීබ් අල් හසාන්ටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...