සුල්තාන් කණ්ඩායමට ලකුණු 6ක තියුණු ජයක්

Date:

පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ 7 වන තරගය ඊයේ (31) නිමාවුණේ මුල්තාන් සුල්තාන් කණ්ඩායමට ඉතාමත් තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

මුල්තාන් කණ්ඩායම හමුවේ කරච්චි ජාතික ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයෙන් පරාජයට පත් වූයේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගැල්ඩියේටර්ස් කණ්ඩායමේ නායක සර්ෆ්‍රාස් අහ්මඩ් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට මුල්තාන් සුල්තාන් කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පිටියට පැමිණි මුල්තාන් සුල්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් බිඳ වැටී ලකුණු 174ක් රැස්කිරීමට සමත් වුණා.

විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු ශාන් මසූඩ් හතරේ පහරවල් 6 ක් සහ හයේ පහරවල් 4 ක් සමගින් පන්දු 58 කදී ලකුණු 88 ක් ලබා ගත්තා.

ටිම් ඩේවිඩ් පන්දු 16 කදී නොදැවී ලකුණු 28 ක් වාර්තා කළා. සොහයිබ් මක්සූද් සහා රිලී රෝසෝව් ලකුණු 21 බැගින් ලබා සිටියදී දැවී ගියා.

නායක මොහොමඩ් රිස්වාන්ට ලකුණු ලබා ගැනීමට මෙම තරගයේ දී හැකියාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේදී මොහොමඩ් හස්නයින් කඩුලු 2 ක් බිඳ හෙලුවා.

ලකුණු 175 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 19.5 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 168 ක් පමණයි.

බෙන් ඩකෙට් පන්දු 32 කදී ලකුණු 47 ක වේගවත් ඉනිමක් හා ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 13 කදී වේගවත් ලකුණු 30 ක් රැස් කිරීමට සමත්වුණත් ජයග්‍රහණය සදහා එම ඉනිම් ප්‍රමාණවත් වුණේ නැහෑ.

නායක සර්ෆ්‍රාස් අහමඩ් ලකුණු 21(23) ක් ලබා සිටියදී දැවී ගියා. අහ්සන් අලී ලකුණු 24(19)යි.

ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඉනිමේ අවසන් පන්දුවාරයේ 5 වන පන්දුවේදී ජයග්‍රහණය සදහා ලකුණු 7 ක් අවශ්‍ය තිබූ මොහොතේ දී නසීම් ශාහ් එල්ල කළ දැවැන්ත පහරක් හයේ සීමාව අසළ දී විශිෂ්ඨ අන්දමින් රැක ගැනීමට ටිම් ඩේවිඩ් සමත්වීමත් සමග මුල්තාන් සුල්තාන් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයග්‍රහණයක් මෙම තරගයෙන් හිමි වුණා.(දර්ශන පහතින්)

පන්දු යැවීමේදී කුශ්දිල් ශාහ්, ඩේවිඩ් විලී සහ ඉම්රාන් තහීර් කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශාන් මසූඩ් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...