ඉන්දීය ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ක්‍රීඩාංගනයට පැමිණ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවසර ලබා දී තිබෙනවා.

තරගාවලිය පෙබරවාරි 16 වනදා ආරම්භ වන්නේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී යි.

ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 75%ක පිරිසකට තරග නැරඹීම සදහා ඇතුළු වීමට අවසර ලබා දීමටයි බටහිර බෙංගාල ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ප්‍රේක්ෂකයින් 50,000කට පමණ ඉන්දු – කොදෙව් 20යි 20 තරගයක් නැරඹීම සදහා අවස්ථාව හිමි වනු ඇති.

එම තරගාවලියට පෙර කයිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට එරෙහිව එක්දින තරග 3ක් ද අහ්මදාබාද් හී දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...