Watch : ප්‍රේක්ෂකයින් යළි අතීතයට රැගෙන ගිය ජයසූරියගේ සුපිරි ඉනිම

Date:

ඕමානයේ පැවැති ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ(29) රාත්‍රියේ නිමා වුණේ එහි ශූරතාවය වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

ඔවුන් හමුවේ අවසන් මහා තරගයේ දී ලකුණු 25කින් පරාජයට පත් වූයේ ආසියානු ලයන්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආසියානු කණ්ඩායමට පන්දුවාර 20 තුළ ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 231ක් පමණයි.

ආසියානු පිල වෙනුවෙන් ආරම්භ කඩුල්ල සදහා තිලකරත්න ඩිල්ෂාන් හා සනත් ජයසූරිය පන්දුවාර 5.3ක් තුළ ලකුණු 57ක සබදතාවයක් ගොඩ නැගුවා.

එම සබදතාවය බිද වැටුණේ ඩිල්ෂාන් ලකුණු 25(16)කට දැවී යාමත් සමගයි.

ජයසූරිය පන්දු 23කින් ලබා ගත් ලකුණු 38 ට හයේ පහරක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුණා.

මෙරට පමණක් නොව ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් යළි අතීතයට රැගෙන යාමට ජයසූරියගේ එම ඉනිමට ඇතුළත් වූ අලංකාර හා ඔහුටම ආවේනික වූ පහරවල්වලට හැකි වුණා.

සනත් ජයසූරියගේ ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...