යොවුන් ලෝක කුසලානය වෙනුවෙන් තරග වදින අවසන් කණ්ඩායම් 4 තහවුරු වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පසුගියවර ලෝක ශූරතාවය දිනූ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 37.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

පසුගියවර ලෝක අනුශූරතාවය දිනූ ඉන්දීය යොවුන් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් තරගය ජය ගත්තේ පන්දුවාර 30.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 117ක් ලබා ගනිමින්.

ඒ අනුව මෙවර යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දී ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ද, එංගලන්ත යොවුන් කණ්ඩායම ඇෆ්ඝනිස්තානයට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...