ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද තරග බිමට

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ පළමු අවසන් පූර්ව තරගය අද(30) පැවැත්වෙනවා.

එහිදී තරග වදින්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම හමුවේ ලැබූ අනපේක්ෂිත හා අමිහිරි පරාජය හේතුවෙනුයි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර ලෝක කුසලානය ජය ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට පසුගියදා සිදු වුණේ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඇෆ්ඝනිස්තානය හමුවේ පරාජයට පත් වූයේ ලකුණු 4කින්.

අද පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම් අතර තරගය Star Sports 1 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...