නායක මොයීන් අලීගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ එංගලන්තය තරගාවලිය සම කරයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ලකුණු 34ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(30) අලුයම සමත් වුණා.

බාර්බඩෝස්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා වූ වැඩබලන නායක මොයීන් අලී පන්දු 28කින් වේගවත් ලකුණු 63ක් රැස් කළේ හයේ පහර 7ක් ද සිය ඉනිමට එක්කරමින්.

නිත්‍ය නායක ඔයින් මෝර්ගන් පසුගියදා ආබාධයකට ලක්වීම හේතුවෙනුයි මොයීන් අලී වැඩබලන නායකයා ලෙස කටයුතු කරන්නේ.

ජේසන් රෝයි ලකුණු 52(42)යි. ජේම්ස් වින්ස් ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත් අතර, රොමාරියෝ ෂෙපර්ඩ්, අකීල් හොසේන්, කයිරන් පොලාඩ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 159ක් රැස් කරමින්.

කයිල් මේයර්ස් ලකුණු 40(23)ක් ද, ජේසන් හෝල්ඩර් ලකුණු 36(24)ක් ද ලබා ගත්තා. බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 26යි. නිකලස් පූරාන් ලකුණු 22කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මොයීන් අලී ලකුණු 28කට කඩුලු 2ක් බිද හෙලූ අතර, රීස් ටොප්ලි, අඩිල් රෂීඩ් හා ලියම් ලිවින්ග්ස්ටන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...