ප්‍රවීනයින්ගේ ලීග් ශූරතාවය වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට

Date:

ඕමානයේ පැවැති ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ලෝක කණ්ඩායම හෙවෙත් World Giants (වර්ල්ඩ් ජයන්ට්ස්) කණ්ඩායම අද(29) සමත් වුණා.

ඔවුන් හමුවේ අවසන් මහා තරගයේ දී ලකුණු 25කින් පරාජයට පත් වූයේ ආසියානු ලයන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගනිමින්.

යළිත් සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම දියත් කළ කෙවින් පීටර්සන් ලකුණු 48ක් රැස් කළේ පන්දු 22කට මුහුණ දෙමින්.

හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කොරේ ඇන්ඩර්සන් නොදැවී ලකුණු 94ක් ලබා ගත්තා.

පන්දු 43කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

බ්‍රැඩ් හැඩින් පන්දු 16කින් ලකුණු 37ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර කඩුලු 3ක් දවා ගත් අතර, මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආසියානු කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 231ක් පමණක් ලබා ගනිමින්.

ආරම්භ කඩුල්ල සදහා තිලකරත්න ඩිල්ෂාන් හා සනත් ජයසූරිය අතර ලකුණු 57ක(5.3 ov) සබදතාවයක් ගොඩ නැගුණා.

ඩිල්ෂාන් ලකුණු 25(16)කට දැවී ගියා. ජයසූරිය රැස් කළ ලකුණු සංඛ්‍යාව 38 (23)ක්. හයේ පහරක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

උපුල් තරංග ලකුණු 25(16)කට දැවී ගිය අතර, අස්ගර් ඇෆ්ඝන් ලකුණු 24(10)යි.

මොහොමඩ් යූසුෆ් නොදැවී ලකුණු 39(21)ක් රැස් කළා. මොහොමඩ් රෆීක් ලකුණු 22යි.

නුවන් කුලසේකර හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින් ලකුණු 17ක් රැස් කළේ පන්දු 6කින්. චමින්ද වාස් හයේ පහර 2ක් සමගින් ලකුණු 15(5)ක් ලබා ගත්තා.

මුත්තයියා මුරලිදරන් තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීම කැපී පෙනුණා. (දර්ශන පහතින්) ඔහු නොදැවී ලකුණු 6(2)යි.

පන්දු යැවීමේ දී ඇල්බි මෝර්කල් කඩුලු 3ක් බිද හෙලූ අතර, මොන්ටි පැනේසා කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...