භානුක රාජපක්ෂගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට ගත් තීරණයත්, අනතුරුව එය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට ගත් තීරණය සම්බන්ධයෙනුත් ඔහු එහිදී අදහස් පල කළා.

“ක්‍රීඩාවේ බොහෝ පාර්ශවකරුවන් විසින් මගේ තීරණය නැවත සලකා බලන ලෙස මගෙන් ඉල්ලා සිටියා.” යනුවෙන් භානුක අදාළ ප්‍රකාශයේ සදහන් කර තිබෙනවා.

“ඔබ සැවොම දැන් දන්නා පරිදි මම විශ්‍රාම යාමට ගත් තීරණය අවලංගු කර ඇති අතර නුදුරු අනාගතයේ දී මගේ රට නියෝජනය කිරීමට මම සම්පූර්ණයෙන්ම කැපවී සිටිමි.”

“ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් ඉවත් වීමේ මගේ මූලික අභිප්‍රාය, කිසියම් මූල්‍යමය වාසියක් හෝ පුද්ගලික පළිගැනීමක් මත සිදු වූවක් නොවන බව සඳහන් කිරීම වැදගත් යැයි මම සිතමි.”

“මගේ චින්තන ක්‍රියාවලිය කුමක් වුවත්, එය කිසි විටෙකත් අප ආදරය කරන ක්‍රීඩාවට හානියක් කිරීමට අදහස් කළේ නැත. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමේ අපගේ පොදු අරමුණ කෙරෙහි අවධානය යොමු කරමින් අප සැමට දැන් ඉදිරියට යාමට හැකි වීම ගැන මම සතුටු වෙමි.”

තමාට සහාය දැක් වූ සියලු දෙනාට ස්තූති කිරීමට ද භානුක රාජපක්ෂ මෙම ප්‍රකාශය ඔස්සේ කටයුතු කළා.

“මම එයට සදා කෘතඥ වෙනවා, මම අපේ සුන්දර දූපත් රාජ්‍ය නියෝජනය කරන අතරතුර ඔබ සියලු දෙනාවම ආඩම්බර හා සතුටු කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි”

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා අද දිනයේ දී ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණු නමුත්, එම සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් කර තිබුණේ නැහැ.

 

View this post on Instagram

 

A post shared by Bhanuka Rajapaksa (@bhanukarajapaksa)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...