ශ්‍රී ලංකාවේ තරග තීරකවරයා නෙදර්ලන්ත ක්‍රීඩකයෙකුට තරග 4ක තහනමක් පනවයි

Date:

නෙදර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Vivian Kingma හට සීමිත පන්දුවාර (එක්දින/20යි 20) තරග හතරක තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග ඊයේ(25) දෝහාහි පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහයේ ( ICC Code of Conduct) තෙවන මට්ටමේ (Level 3) වරදක් සිදු කිරීම හේතුවෙන්.

ක්‍රීඩකයින් සදහා වන අයි.සී.සී විනය නීති සංග්‍රහයේ (ICC Code of Conduct for Players and Player Support Personnel) 2.14 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුව Vivian Kingma හට අත්හිටුවීමේ ලකුණු (suspension points) 4 ක් පැනවූ බැවින් ඔහුට මෙම තරග තහනම පැනවුණා.

ඊට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු (demerit points) 5ක් ද පනවා තිබෙනවා.

Brandon Glover විසින් යොමු කළ ඇෆ්ඝනිස්තාන ඉනිමේ 31 වන පන්දුවාරයේ දී යි අදාළ සිදු වීම වාර්තා වුණේ.

එහිදී නෙදර්ලන්ත ක්‍රීඩක Vivian Kingma විසින් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමකට ලක් කර තිබුණේ සිය නියපොතු උපයෝගී කර ගනිමින් පන්දුව සීරීමකට ලක් කරමින්.

ශ්‍රී ලංකාවේ වෙන්ඩල් ලැබ්‍රෝයි මහතා මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු විසින් පැනවූ දඩුවම හා සිදු කළ වරද Vivian Kingma පිළිගෙන තිබෙනවා.

මෙම තරගයේ දී නෙදර්ලන්තයෙන් වූ අදාළ වරද හේතුවෙන් දඩුවම් ලකුණු(penalty) ලෙස ලකුණු 5ක් ද තරගය අතරතුර දී ම ඇෆ්ඝනිස්තානය වෙත පිරිනැමීමට කටයුතු කෙරුණා.

නෙදර්ලන්තය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගත්තේ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...