ඔස්ට්‍රේලියානු සංචාරයටත් වැඩබලන පුහුණුකරුවෙකු ශ්‍රී ලංකාව පත් කරයි

Date:

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් එම පත් කිරීම සිදු කර ඇත්තේ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ උපදෙස් ද සැලකිල්ලට ගනිමින්.

ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නිමා වූ එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඒ, මීට පෙර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වීමත් සමග එම ධූරය මේ වන විට පුරප්පාඩු වී ඇති බැවින්.

කෙසේ වෙතත්, රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව බලා පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහුට මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුව හුදකලා කිරීමකට ලක් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

නමුත්, ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 11 වනදා ආරම්භ වීමට පෙර රත්නායක මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...