ඉසුරුගේ ඩකා කණ්ඩායමට කඩුලු 4ක ජයක්

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 05 වන තරගය ඊයේ (24) නිමාවට පත්වුණේ Fortune Barishal කණ්ඩායම හමුවේ Minister Group Dhaka කණ්ඩායමට කඩුලු 4 ක ජයග්‍රහණයක් හිමිකරදෙමින්.

ඩකා නුවර මීර්පූර් හී ශෙරී බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ඩකා කණ්ඩායමේ නායක මහ්මදුල්ලා රියාද් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Fortune Barishal කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි Fortune Barishal කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් බිඳ වැටී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 129 ක් පමණයි.

ක්‍රිස් ගේල් පන්දු 30 කදී ලකුණු 36 ක් වාර්තා කළා. ශකීබ් අල් හසන් ලකුණු 23(19) යි. ඩ්වේයන් බ්‍රාවෝ නොදැවී ලකුණු 33(26) ක් රැස්කළා.

පන්දුවාර හතරම ක්‍රියාත්මක කරමින් ඉසුරු උදාන ලකුණු 29 කට කඩුලු 02 ක් බිඳ හෙලීමට සමත් වුණා. ඇන්ඩ්‍රේ රසල් ද බිද හෙලූ කඩුලු ගණන 2ක්.

රුබෙල් හොසේන්, Shuvagata Hom, හසන් මුරාද් සහ මහ්මදුල්ලා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 130 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඩකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඔවුන්ගේ මුල් කඩුලු 4 මුළු ලකුණු සංඛ්‍යාව 10 ක්ව තිබියදී බිඳ වැටීම කැපී පෙනුණා.

කෙසේ වෙතත්, පසුව පිටියට පිවිසි මහමදුල්ලා රියාද්ගේ සහ ඇන්ඩ්‍රේ රසල්ගේ සටන්කාමී ඉනිම් හමුවේ ජයග්‍රාහී ඉලක්කය සාර්ථකව හඹා යාමට ඔවුන්ට හැකියාව ලැබුණා.

මහ්මදුල්ලා පන්දු 47 කදී ලකුණු 47 ක් වාර්තා කළා. ඇන්ඩ්‍රේ රසල් පන්දු 15 කදී නොදැවී ලකුණු 31 යි. Shuvagata Hom ලකුණු 29 ක් රැස්කළා.

ඒ අනුව පන්දුවාර 17.3ක් තුළ කඩුලු 6 ක් බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කිරීමට ඩකා කණ්ඩායම සමත්වුණා.

පන්දු යැවීමේදී ශෆිකුල් ඉස්ලාම් සහ අල්සාරි ජෝෂප් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මහ්මදුල්ලා රියාද් තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...