තරංග හා ඇෆ්ඝන්ගේ සුපිරි ප්‍රහාරය හේතුවෙන් ආසියානු පිලට විශිෂ්ඨ ජයක්

Date:

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) සිව්වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ආසියානු ලයන්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 36කින් පරාජයට පත් වූයේ ඉන්දීය මහරාජාස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ආසියානු ලයන්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.

තරගයේ පළමු පන්දුවෙන්ම තිලකරත්න ඩිල්ෂාන් දැවී ගිය අතර, රොමේෂ් කලුවිතාරණ ලකුණු 13කට දැවී ගියා.

යළිත් පිත්තෙන් සාර්ථක වූ උපුල් තරංග පන්දු 45කින් ලකුණු 72ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමගින්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ආසියානු ලයන්ස් ඉනිමට සාර්ථක අවසානයක් ගෙන දුන් අස්ගර් ඇෆ්ඝන් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේ පන්දු 28කට පමණක් මුහුණ දෙමින්. හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය මහරාජාස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

වසීම් ජෆර් හා මන්ප්‍රීට් ගෝනි (නොදැවී) ලකුණු 35 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර, මොහොමඩ් රෆීක් හා අස්ගර් ඇෆ්ඝන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ෂොයිබ් අක්තාර් හා දිල්හාර ප්‍රනාන්දු ද එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...