ශ්‍රී ලංකා තරගාවලියෙන් ප්‍රබලයින් දෙදෙනෙක් ඉවත් කෙරේ ; ඕස්ට්‍රේලියානු සංචිතය මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද(25) නිවේදනය කළා.

ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඩේවිඩ් වෝනර් හා මිචෙල් මාෂ් මෙම තරගාවලියට නම් කර නැහැ.

පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ද ශ්‍රී ලංකා තරගාවලිය සදහා එක් නොවන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එළඹෙන පාකිස්තාන තරග සංචාරයට සූදානම් වීමේ අරමුණිනුයි ඔවුන් ශ්‍රී ලංකා තරගාවලිය සදහා සම්බන්ධ නොකිරීමට පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් අලුබදුන තරගාවලියේ තරග රැසක් අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන බෙන් මැක්ඩර්මොට් ද සංචිතයට ඇතුළත්.

ජයි රිචර්ඩ්සන්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්රික්ස් යන ක්‍රීඩකයින් ද ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට යළි කැදවා තිබෙනවා.

දෙරට අතර පෙබරවාරි 11 වනදා ආරම්භ වන පන්දුවාර 20යි 20 තරගාවලියට තරග 5ක් ඇතුළත්.

Australia T20 squad:

Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Ben McDermott, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...