එංගලන්තයට තියුණු ජයක් – Match Report

Date:

පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ සිව්වන දිනය වූ අද(8) දිනයේ දී තරගය ජය ගැනීම සදහා දෙවන ඉනිමේ දී ලකුණු 277ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 117ක්ව තිබියදී බිද වැටුණා.

අනතුරුව ක්‍රිස් වෝක්ස් සහ ජොස් බට්ලර් එක්ව හයවැනි කඩුල්ල සදහා ලකුණු 139ක සබදතාවයක් ගොඩ නගමින් එංගලන්තයට ජයග්‍රහනය සදහා මග සකසා දුන්නා.

ජොස් බට්ලර් ලකුණු 75ක් ලබා ගත්තා.

ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 84යි.

පන්දු යැවීමේ දී යසීර් ශාහ් කඩුලු 4ක් බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 137ක් ලබා සිටියා.

ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 169ක්.

අසාඩ් ශෆික් ලකුණු 29ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 27ක් රැස් කළා.

යසීර් ශාහ් ලකුණු 33යි.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3ක් බිද හෙලූ අතර බෙන් ස්ටොක්ස් සහ ක්‍රිස් වෝක්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 326ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශාන් මසූඩ් ලකුණු 156ක් ලබා ගත් අතර, බබාර් අසාම් ලකුණු 69 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් සහ ජොෆ්ර ආචර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 219ක්.

ඔලී පෝප් ලකුණු 62යි.

පන්දු යැවීමේ දී යසීර් ශාහ් කඩුලු 4ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 13 වනදා සවුත්හැම්ටන්හී දී  ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...