විලියම්සන් කේක් කා අදට වසරයි

Date:

වත්මන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් කියන්නේ ලොව පුරා ක්‍රිකට් රසිකයන් සියලුම දෙනාගේ ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍රවුනු ක්‍රීඩකයෙක්.

ඔහුගේ නිහතමානීත්වය නිසාම ඔහුට වෛර කරන යමෙකු සොයාගැනීමට නොහැකී තරම්.

ඔහුගේ තිස්වන උපන්දිනය අද දිනට (8) යෙදී තිබෙනවා.

ඒ පිළිබඳව සිහිපත් කරද්දී හරියටම මීට වසරකට පෙර සිදුවූ අපූරූ සිදුවීමක් ක්‍රිකට් ක්‍රීඩාවට ලැදී ඔබගේ මතකයට නැගෙන්නට ඇති.

2019 වසරේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ තරග සංචාරයට සමගාමීව පුහුණු තරගයක් අගෝස්තු 8 වනදා පැවැත්වුණා.

ඒ තරගය අතරවාරයේ එදිනට යෙදී තිබූ කේන් විලියම්සන්ගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් පිරිසක් කේක් එකක් ද රැගෙනවිත් තිබුණා.

තරගය අතරතුර ලැබුණු කෙටි විවේකයක් තුලදී එම පිරිසගේ ආරාධනය නිහතමානීව පිළිගෙන රසිකයන්ගේ උපන්දින සුබ පැතුම් මධ්‍යයේ එතනට පැමිණෙන කේන් විලියම්සන් රසිකයෙකුගේ අතින් කේක් කෑල්ලකුත් බුක්ති විද රසිකයෙකුටත් කේක් කෑල්ලක් කවමිනුයි එතනින් නික්මයන්නේ.

විලියම්සන්ගේ නිහතමානී ක්‍රියාව හා ලාංකීය ක්‍රිකට් රසිකයන් දැක්වූ ආදරය ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවයට හා ප්‍රශංසාවට පාත්‍රව තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශනයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...