ශ්‍රී ලංකා කාන්තා පිලේ වගකීම හිටපු ටෙස්ට් ක්‍රීඩකයාට

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ලංකා ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

මෙම වසර අවසානය දක්වා ඔහු එම ධූරයේ වැඩ බලනු ඇති.

මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා මහතා වෙනුවටයි ඔහු වැඩබලන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ.

හර්ෂ ද සිල්වා 2018 වසරේ අගෝස්තු මාසයේ දී අදාළ ධූරයට පත් කෙරුණේ වසර දෙකක කාලයක් සදහායි.

කෙසේ වෙතත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා දැක් වූයේ නැහැ.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 19ම ඔවුන් පරාජයට පත්ව තිබුණා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...