වසර පහකට පෙර සිදු වූ ධම්මික, ඉෂාන්ට්, චන්දිමාල්, තිරිමාන්න ගැටුම

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ බොහෝ විට ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් නොවන අයුරින් ක්‍රීඩා කරන කණ්ඩායමක්.

තරගයක් අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විනය විරෝධී ලෙස හැසිරෙනු අපට දකින්නට නැති තරම්ය.

කෙසේ වෙතත්, අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ක්‍රීඩා පිටියේ දී වුව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපාරක් සිතන්නේ නැහැ.

මුරලිව ආරක්ෂා කර ගැනීම සදහා හිටපු නායක අර්ජුණ රණතුංග නොබියව කටයුතු කළ ආකාරය ඊට හොදම උදාහරණයක්.

ඒ අතර, තරග අතරතුර දී ප්‍රතිවාදී ක්‍රීඩකයින් සමග කලාතුරකින් සුළු සුළු ගැටුම් ද ඇති වනු අප දැක තිබෙනවා.

එහිදී ද බොහෝ විට ගැටුම ආරම්භ කරන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් බව කිව හැකියි.

ඉන්දියාව සමග මීට වසර 5කට පමණ පෙර සිදු වූ ගැටුමක් ගැනයි මේ ආවර්ජනය.

2015 වසරේ දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වූ අතර, එහිදී ටෙස්ට් තරග 3ක් දෙරට අතර පැවැත්වුණා.

තරගාවලියේ ජය 2-1ක් ලෙස හිමි වුණේ ඉන්දියාවට.

ඔවුන් මෙරට දී ටෙස්ට් තරගාවලියක් එලෙස ජය ගත්තේ වසර 22කට පසුුවයි.

එම තරගාවලියේ අවසන් තරගයේ සිව්වන දිනයේ දී (අගෝස්තු 31) තමයි මේ ගැටුම සිදු වුණේ.

ඉෂාන්ට් ෂර්මා, ධමමික ප්‍රසාද්, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න මේ ගැටුමට හවුල් වු‍ණා.

ධම්මික ප්‍රසාද් විසින් පිතිකරණයේ නිරත වූ ඉෂාන්ට් ෂර්මාට යොමු කළ පන්දුවකින් පසුව ඉෂාන්ට් ෂර්මා තමයි මේ ගැටුම ආරම්භ කරන්නේ.

අවසානයේ තත්ත්වය පාලනය කිරීමට විනිසුරුවන්ටත් මැදිහත් වෙන්න සිදු වුණා.

ඉනිමේ අවසන් කඩුල්ල එම පන්දුවාරයේ දී ම දැවී යන අතර, පසුව ධම්මික ප්‍රසාද් ක්‍රීඩාගාරයට යනතුරු ඉෂාන්ට් ෂර්මා පිටුපසින් වේගයෙන් දිව යාම ද කාගේත් වැඩි අවධානයක් යොමු වුණ කරුණක්.

හැබෙයි තරගයක් අතරතුර දී ක්‍රීඩකයින් මෙලෙස හැසිරීමට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය ඔවුන්ට දඩුවම් නියම කිරීමට ද පසුව කටයුතු කළා.

එහිදී චන්දිමාල්ට සහ ඉෂාන්ට් ෂර්මාට එක් තරග තහනමක් ද, සෙසු ක්‍රීඩකයින් දෙදෙනාට දඩ මුදලක් ද පැනවීමටයි අයි.සී.සීය තීරණය කළේ.

ගැටුමේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...