පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් කැමරන් ඉතිහාසගත වෙයි

Date:

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් (Double hat-trick) දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත් වීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ Cameron Boyce අද(19) සමත් වුණා.

ඒ, මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ 55 වැනි තරගයේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිඩ්නි ඉනිමේ 7 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී හා 9 වැනි පන්දුවාරයේ පළමු පන්දු තුනේදී කඩුලු දවා ගනිමින් ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

Cameron Boyce මෙම තරගයේ දී ලකුණු 21කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

එය මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ පන්දු යවන්නෙකු බිග් බෑෂ් ලීග් පිටියේ දී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

20යි 20 තරග ඉතිහාසයේ දී පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගත් 10 වැනි ක්‍රීඩකයා ලෙසයි Cameron Boyce අද ඉතිහාසගත වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...