ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන් රබාඩා ඉවත් කරයි

Date:

ඉන්දියාව සමග අද(19) ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා ක්‍රීඩා නොකරන බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පවසනවා.

පවතින කාර්යය බහුල තරග කාලසටහන පදනම් කර ගනිමින් ඔහුව සංචිතයෙන් මුදා හැරීමට කටයුතු කළ බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා කාගිසෝ රබාඩා සුදුසු යෝග්‍යතාවයකින් පසු වීම වැදගත් බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

එළඹෙන 23 වනදා ඉන්දු – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය නිමා වන අතර, අනතුරුව ලබන දෙවැනිදා දකුණු අප්‍රිකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී ඔවුන්ට සති දෙකක පමණ නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට සිදු වනු ඇති.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට නවසීලන්තයේ දී මුහුණ දෙන දකුණු අප්‍රිකා කණ්ඩායම අනතුරුව යළි සියරට පැමිණීමෙන් පසුව බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජෝර්ජ් ලින්ඩේ ඉන්දියාවට එරෙහි එක්දින සංචිතයට කැදවීමට ද දකුණු අප්‍රිකා තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...