‘ජාතික සුපර් ලීග්’ තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

‘National Super League’ හෙවත් ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(19) නිවේදනය කළා.

ඒ අනුව එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 24 වැනිදා ආරම්භ වන අතර, එම තරගාවලිය නිමා වීමෙන් පසුව සිව්දින තරගාවලිය ආරම්භ කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙරට ප්‍රමුඛතම දේශීය ක්‍රිකට් තරගාවලිය බවට පත් වන ජාතික සුපර් ලීග් තරගාවලිය සදහා තරග කරන කණ්ඩායම් සංඛ්‍යාව 5ක්.

කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල හා යාපනය යන නගරවල නම්වලින් කණ්ඩායම් 5 නම් කර තිබෙනවා.

පළමුපෙල ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 26 එම කණ්ඩායම් 5 සදහා බෙදා වෙන් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. (ක්‍රීඩා සමාජ ඒ ඒ කණ්ඩායම් වෙත බෙදී ගොස් ඇති ආකාරය පහතින්)

මෙරට ප්‍රධානම ක්‍රිකට් ක්‍රීඩකයින් 100 දෙනා මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරන අතර, ජාතික තේරීම් සදහා සලකා බලන ප්‍රධාන තරගාවලිය බවට මෙම ජාතික සුපර් ලීග් තරගාවලිය පත් වනු ඇති.

අදාළ කණ්ඩායම් පහේ කේන්ද්‍රස්ථාන ලෙස කටයුතු කරන්නේ NCC, SSC, Tamil Union, Colts හා CCC යන ක්‍රීඩා සමාජයි.

මෙරට ක්‍රීඩා සමාජ තරගාවලිය ද උසස් මට්ටමකට ගෙන ඒමට මෙම ජාතික සුපර් ලීග් තරගාවලිය හේතු වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරනවා.

ක්‍රීඩා සමාජ තරගාවලියේ දී දක්වනු ලබන දක්ෂතා අනුවයි ජාතික සුපර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගනු ලබන්නේ.

කණ්ඩායම් 5 වෙනුවෙන් ක්‍රීඩා සමාජ බෙදා ඇති අයුරු හා තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...