කොවිඩ් 19 ගැටලු හේතුවෙන් ඔස්ට්‍රේලියා – නවසීලන්ත තරගාවලිය අත්හිටුවයි

Date:

නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය කල් දැමීමට සිදුව තිබෙනවා.

ඒ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නවසීලන්තය තුළ පනවා ඇති නිරෝධායන නීති හා හුදකලා වී සිටිය යුතු කාලසීමාවන් නිසා නවසීලන්ත කණ්ඩායමට යළි සියරට බලා පැමිණීමේ දී මුහුණ දිය යුතු තත්ත්වයන් හා කාලසීමාවන් සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන්.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

එළඹෙන 30 වැනිදා සිට එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබූ අතර, 20යි 20 තරගය ලබන 8 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

තරග පැවැත්විය හැකි නව කාල සීමාවක් පිළිබද තීරණය කිරීම සදහා මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන අතර සාකච්ඡා පැවැත්වෙනවා.

නවසීලන්ත කණ්ඩායම 2020 වසරේ දී ද ඔස්ට්‍රේලියාවේ එක්දින තරග සංචාරයක නිරත වූ නමුත්, එය ද අතරමගදී අවලංගු කිරීමට සිදු වූයේ කොවිඩ් 19 වසංගතය පළමු වරට ව්‍යාප්ත වීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...