එංගලන්තය යළි තරගයට අවතීර්ණ වෙයි – Day 3 Report

Date:

එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය ඊයේ(7) නිමා වුණේ තරගය කණ්ඩායම් දෙකමට විවෘත කරමින්.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 137ක් ලබා සිටියා.

අසාඩ් ශෆික් ලකුණු 29ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ්, බෙන් ස්ටොක්ස් සහ ක්‍රිස් වෝක්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඊයේ දිනට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 219ක් පමණයි.

ඔලී පෝප් ලකුණු 62යි.

පන්දු යැවීමේ දී යසීර් ශාහ් කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 326ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශාන් මසූඩ් ලකුණු 156ක් ලබා ගත් අතර, බබාර් අසාම් ලකුණු 69 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් සහ ජොෆ්ර ආචර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 244ක්.

තරගය මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...