සිබ්ලිගෙන් සුපිරි පන්දු රැකීමක් – වැදගත්ම මොහොතේ සිදු වූ ශෆික්ගේ දුවද්දී දැවී යාම

Date:

එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය නිමා වන විට තරගය දෙපිලටම විවෘත වී තිබුණා.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 137ක්.

අසාඩ් ශෆික් ලකුණු 29ක් ලබා සිටියදී අවසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීම පිළිබද මෙහිදී කාගේත් වැඩි අවධානයක් යොමු වුණේ තරගයේ වැදගත්ම මොහොතක එම දැවීයාම වාර්තා වීම හේතුවෙන්.

විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වූ ඩොම් සිබ්ලි කඩුල්ලට යොමු කළ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි අසාඩ් ශෆික් දුවද්දී දැවීයාමට ගොදුරු වුණේ. (දර්ශන පහතින් නරඹන්න)

තෙවන දිනය නිමා වන විට පාකිස්තානය ඉදිරියෙන් පසුවූ ලකුණු සංඛ්‍යාව 244ක්.

තරගය මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...