ශ්‍රී ලංකාවට ලකුණු 231 ක දැවැන්ත ජයක්

Date:

අයි.සී.සී යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් උගන්ඩා යොවුන් කණ්ඩායම පරදා ලකුණු 231 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(13) අලුයම සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ගයනාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා ගත්තා.

සධීෂ රාජපක්ෂ ලකුණු 75ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළ අතර, ශෙවෝන් ඩැනියල් ලකුණු 46යි.

යසිරු රොද්‍රගෝ නොදැවී ලකුණු 32ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 21.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 46ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 3ක් යවා කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 4ක් දවා ගැනීම විශේෂත්වයක්.

යසිරු රොද්‍රිගෝ හා චමිදු වික්‍රමසිංහ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සිය පළමු පුහුණු තරගය සදහා පසුගිය 10 වැනිදා අයර්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 128ක ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...