බුම්රාගේ කඩුලු 5 හමුවේ ඉන්දියාව යළි සටනට අවතීර්ණ වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(12) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම දෝලනය කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලබා සිටියා.

මයාන්ක් අගාර්වල් ලකුණු 7කට දවා ගැනීමට කාගිසෝ රබාඩා සමත් වූ අතර, කේ.එල් රාහුල් ලකුණු 10කට දැවී ගියේ මාර්කෝ ජන්සෙන්ගේ පන්දුවක් හමුවේයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින චෙටස්වර් පුජාරා ලකුණු 9ක් ද, විරාට් කෝලි ලකුණු 14 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 70ක්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටි අතර, ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 210කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

කීගන් පීටර්සන් ලකුණු 72ක් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 28ක්, කේෂාව් මහරාජ් ලකුණු 25ක් හා රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තා. උමේෂ් යාදෙව් හා මොහොමඩ් ෂාමි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 223ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...