භානුක රාජපක්ෂ තීරණය වෙනස් කරයි

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට පසුගියදා ගත් තීරණය අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සදහන් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව දන්වමින් භානුක රාජපක්ෂ ඉදිරිපත් කළ ලිපිය ඉවත් කර ගැනීමට ඔහු කටයුතු කර ඇති බවයි.

ජාත්‍යන්තර පිටියට සමු දීමට ඔහු ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා භානුක රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද ඊයේ(12) පෙරවරුවේ සිදුව තිබුණා.

ඒ, අරලියගහ මන්දිරයේ දී යි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළු පාර්ශව රැසක් ද භානුක රාජපක්ෂට සිය තීරණය වෙනස් කරන ලෙස මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

පවුලේ වගකීම් සම්බන්ධයෙන් සලකා බලා ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබූ නමුත්, ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලු මත ඔහු එම තීරණය ගෙන තිබූ බවට ද තොරතුරු වාර්තා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...