ඉන්දීය එක්දින සංචිතයට වෙනස්කම් දෙකක්

Date:

දකුණු අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට නව ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ජයන්ට් යාදාව් හා නව්දීප් සයිනි සංචිතයට කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

අප ඊයේ දිනයේ දී වාර්තා කළ පරිදි වොෂින්ටන් සුන්දර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් ඔහු වෙනුවට ජයන්ට් යාදාව් සංචිතයට නම් කළ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ වන විට මොහොමඩ් සිරාජ් පාදයක ආබාධයකට ලක්ව ඇති බැවින් අවශ්‍ය වුවහොත් යොදා ගැනීමේ අපේක්ෂාවෙන් නව්දීප් සයිනි සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි මොහොමඩ් සිරාජ් ආබාධයකට ලක් වුණේ.

එක්දින තරගාවලිය එළඹෙන 19, 21 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

India’s ODI squad:

KL Rahul (C), Jasprit Bumrah (vc), Shikhar Dhawan, Ruturaj Gaikwad, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, Venkatesh Iyer, Rishabh Pant (wicket-keeper), Ishan Kishan (wicket-keeper), Yuzvendra Chahal, R Ashwin, Bhuvneshwar Kumar, Deepak Chahar, Prasidh Krishna, Shardul Thakur, Md. Siraj, Jayant Yadav, Navdeep Saini.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...