IPL වෙනුවෙන් ටාටා සමාගමෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ලැබෙන අති විශාල මුදල

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා හෙවත් Title sponsor ලෙස ඉදිරියේ දී ටාටා (Tata) සමාගම කටයුතු කරන බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

ඒ, මෙතෙක් ප්‍රධාන අනුග්‍රාහකයා වූ චීනයේ වීවෝ (Vivo) සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට කටයුතු කිරීම හේතුවෙන්.

ඒ අනුව ඉදිරි වසර දෙකේ දී ටාටා (Tata) සමාගම අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර, එම වසර දෙකේ දී අයි.පී.එල් තරගාවලිය ටාටා අයි.පී.එල් ලෙස හැදින්වීමට නියමිතයි.

එම වසර දෙක සදහා ටාටා සමාගම විසින් ඉන්දිය රුපියල් කෝටි 670 ක මුදලක් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ගෙවීමට නියමිතව තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,832 ක පමණ මුදලක්.

වීවෝ සමාගම තවත් වසර දෙකක කාලයක් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීමට නියමිතව තිබූ පසුබිමකයි ඔවුන් ඉන් ඉවත්ව තිබුණේ.

ඒ අනුව ගිවිසුම අතරමගදී අත්හිටුවීමට වීවෝ සමාගම ගත් තීරණය හේතුවෙන් එම සමාගම විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ඉන්දීය රුපියල් කෝටි 454 ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,242 ක්) ගෙවීමට නියමිතයි.

ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට මෙම අනුග්‍රාහක පාර්ශව දෙක තුළින් ලැබෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 1,124 ක්.

සියලු අනුග්‍රාහක පර්ශවවලින් අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල්වලින් 50%ක ප්‍රමාණයක් එරට ක්‍රිකට් ආයතනය සතු වනවා.

ඉතිරි මුදල් ප්‍රමාණය තරගාවලියට එක්වන කණ්ඩායම් අතරේ බෙදා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදු වනවා.

ඉන්දීය රුපියල් කෝටි 2,200 ක ලංසුවකට වීවෝ සමාගම 2018 වසරේ දී අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුුග්‍රාහකත්වය ලබා ගත්තේ වසර 5ක කාලයක් සදහායි.

ඒ අනුව එම ගිවිසුමට අදාළව එක් තරග වාරයක් වෙනුවෙන් ගෙවනු ලබන මුදල සදහන් වුණේ ඉන්දීය රුපියල් කෝටි 440ක් ලෙසයි.

කෙසේ වෙතත්, ඉන්දු – චීන දේශසීමා ආශ්‍රිතව ඇති වූ ගැටුම් පදනම් කර ගනිමින් vivo සමාගමට එරෙහිව ඉන්දියාවේ බොහෝ පාර්ශවවලින් දැඩි විරෝධයක් එල්ල වූ බැවින් එම සමාගම 2020 වසරේ දී ද ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණා.

එම වසරේ දී Dream 11 සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගත් අතර, අනතුරුව 2021 වසරේ දී යළිත් වීවෝ සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබුවා.

පළමු ගිවිසුමට අනුව 2022 වසරේ දී වීවෝ සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය අවසන් වීමට නියමිතව තිබූ නමුත්, 2020 වසරේ දී ඔවුන්ට ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට සිදු වූ බැවින් ඔවුන් 2023 වසර දක්වා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...