භානුක හා ක්‍රීඩා ඇමති අතර සාකච්ඡාවක් ; ප්‍රේක්ෂකයින්ටත් සුබ ආරංචියක්

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට පසුගියදා තීරණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද(12) පෙරවරුවේ සිදුව ඇති බව වාර්තා වනවා.

අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට භානුක රාජපක්ෂ ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර නිවේදනයක් ද නිකුත් කරමින් භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළු පාර්ශව රැසක් ද භානුක රාජපක්ෂගෙන් මෙම ඉල්ලීම පසුගිය දිනවලදී සිදු කරනු ලැබුවා.

පවුලේ වගකීම් සම්බන්ධයෙන් සලකා බලා ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළ නමුත්, ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලු මත ඔහු එම තීරණය ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

අද පැවැති සාකච්ඡාවේ ප්‍රතිපල සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු වාර්තා නොවුණත්, newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ භානුක රාජපක්ෂ සිය තීරණය පිළිබද යළි සලකා බැලීමට එකගතාවය පල කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...