දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(12) නිවේදනය කළා.

ඒ අනුව එහි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 754 ක්.

මෙතෙක් 6 වැනි ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් 7 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඉන්දීය නායක විරාට් කෝලි මේ වන විට ටෙස්ට් පිතිකරුවන් අතර රැදී සිටින්නේ 9 වැනි ස්ථානයේ යි.

ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, නවසීලන්තයේ කේන් විලියම්සන් සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.

දකුණු අප්‍රිකා නායක ඩීන් එල්ගර් ද ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇත්තේ 10 වැනි ස්ථානය දක්වායි.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණීමට නවසීලන්තයේ ක්යිල් ජමීසන් සමත්ව තිබීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා පස්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...