ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායමේ වීසා ගැටලුව විසදෙයි

Date:

ඇෆ්ඝනිස්තාන යොවුන් ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබූ වීසා ගැටලුව විසදා ගැනීමට බළධාරීන් මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ අනුව ඇෆ්ඝනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හෙට(12) මෙවර යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්ව යන බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ලබන 14 වැනිදා යොවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන අතර, ඇෆ්ඝනිස්තානයේ සහභාගීත්වය පිළිබද මෙතෙක් අවිනිශ්චිතතාවයක් හට ගෙන තිබුණේ වීසා ගැටලුවක් හේතුවෙන් ඔවුන්ට මෙතෙක් කොදෙව් දේශය වෙත පිටත්වීමට නොහැකි වූ බැවින්.

ඒ හේතුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණු තරග ද අවලංගු කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය මීට පෙර නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...