කොදෙව් – අයර්ලන්ත 20යි 20 තරගය අවලංගු කෙරේ

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සංශෝදිත තරග කාලසටහන දෙරටේ ක්‍රිකට් ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කල් දැමුණු දෙවැනි එක්දින තරගය එළඹෙන 13 වනදා ද, තෙවැනි එක්දින තරගය එළඹෙන 16 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ලබන ඉරිදා දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 ජාත්‍යන්තර තරගය අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කොදෙව් – අයර්ලන්ත එක්දින තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වන අතර, පළමු තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කළේ කොදෙව් කණ්ඩායමයි.

දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(11) පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් සහ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ආබාධ සිදු වීම හේතුවෙන් එම තරගය කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන මීට පෙර තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...