ටොම් කරන්ට අයි.පී.එල් අහිමි වෙයි

Date:

එංගලන්ත වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට අවම වශයෙන් ජූනි මාසය අවසන් වන තුරු ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට එලෙස ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බවයි සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නිවේදනය කළේ.

ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ පසුගිය 15 වැනිදා පැවැති තරගයක් අතරතුර දී යි.

මෙම ආබාධය හේතුවෙන් ටොම් කරන්ට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය ද ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...