ජමීසන්ට අයි.සී.සීයෙන් 15%ක දඩයක් සමග දඩුවම් ලකුණක්

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

බංග්ලාදේශය සමග ක්‍රයිස්චර්ච් හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් එහි පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 15% ක දඩයක් නියම කිරීමට තරග තීරක ජෙෆ් ක්‍රෝ තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ක්යිල් ජමීසන්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

බංග්ලාදේශ පළමු ඉනිමේ 41 වන පන්දුවාරයේ දී ඔහු විසින් යසීර් අලීගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව එය සැමරීමේ දී නුසුදුසු භාෂාව යොදා ගත් බවටයි චෝදනා එල්ල වුණේ.

ක්යිල් ජමීසන් විසින් වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මාස 24ක කාලයක් තුළ ඔහු සිදු කළ තෙවැනි වරද මෙය වන අතර, ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට මේ වන විට දඩුවම් ලකුණු 3ක් ඇතුළත්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...