භානුකට ක්‍රිකට් ආයතනය විදෙස් ලීග් දොර වසයි ? ; නව නීති 3ක් සම්මත වෙයි

Date:

ක්‍රිකට් ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමට සූදානම් වීමේ දී හා විශ්‍රාම යාමෙන් පසුව ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(8) නිවේදනයක් නිකුත් කළා.

ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කර අදාළ තීන්දු තීරණ ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ජාතික ක්‍රීඩකයෙකු විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නේ නම් මින් ඉදිරියට ඔවුන් ඒ සම්බන්ධයෙන් මාස 3කට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතුයි.

එමෙන්ම විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින්ට ඒ සදහා ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමි වන්නේ අදාළ ක්‍රීඩකයා විශ්‍රාම යාමෙන් පසු මාස 6ක කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් වැනි දේශීය ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින්ට අවසර ලබා දෙන්නේ ද අදාළ ලීග් තරගාවලියට පෙර පැවැත්වෙන දේශීය තරග වාරයේ දී එම ක්‍රීඩකයා 80%ක දේශීය තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්නම් පමණක් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් භානුක රාජපක්ෂට ඊයේ සම්මත කර ගෙන ඇති මෙම නව නීති හේතුවෙන් එළඹෙන 21 වනදා ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...