කොවිඩ් නිසා ප්‍රවේගකාමී ආරම්භක පිතිකරුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

එළඹෙන සිම්බාබ්වේ එක්දින තරගාවලිය වෙනුවෙන් වන ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළු වීමට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඒ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට එළඹෙන 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ද මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.

අවිශ්ක ප්‍රනාන්දුට එක්දින තරගාවලිය අහිමි වන බැවින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට ඉඩ ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඊයේ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...