කවාජාගෙන් තවත් ශතකයක් ; එංගලන්තයට දැවැන්ත ඉලක්කයක්

Date:

2019 වසරෙන් පසු ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි පළමු තරගයේ ඉනිම් දෙකේදීම ශතක දෙකක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු මැද පෙල පිතිකරු උස්මාන් කවාජා දැක් වූ සුවිශේෂී දක්ෂතාවය හමුවේ එංගලන්තයට එරෙහි සිව්වැනි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය ද ජය ගැනීමේ වැඩි බලාපොරොත්තු ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින් තරගයේ සිව්වැනි දිනය අද(8) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 388ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 30ක්.

ඒ අනුව සිඩ්නි හී දී පැවැත්වෙන තරගය ජය ගැනීම සදහා එංගලන්තය තවත් ලකුණු 358ක් ලබා ගත යුතුයි.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 258ක් ලබා සිටි අතර, ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 294කට සීමා වුණා.

ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 416 ට පිළිතුරු වශයෙන්.

එංගලන්ත ඉනිම ශක්තිමත් කරමින්  ජොනී බෙයාර්ස්ටව් ලකුණු 113 ක් ද, බෙන් ස්ටොක්ස් ලකුණු 66ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 4ක් දවා ගත් අතර, පැට් කමින්ස් හා නේදන් ලියෝන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී 265ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 86දී බිද වැටුණු නමුත්, පසුව 5 වැනි කඩුල්ල සදහා ලකුණු 179ක සබදතාවයක් ගොඩ නැගීමට උස්මාන් කවාජා හා කැමරන් ග්‍රීන් සමත් වුණා.

ග්‍රීන් ලකුණු 74යි. පළමු ඉනිමේ දී ද ශතකයක් වාර්තා කළ කවාජා දෙවැනි ඉනිමේ දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101ක්.

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 4ක් හා මාර්ක් වුඩ් කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...