කවාජාගේ ආගමනයේ ශතකය ඔස්ට්‍රේලියාව තරගයේ පෙරමුණට ගෙන යයි

Date:

2019 වසරෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි පළමු තරගයේ දී ම ඔස්ට්‍රේලියානු මැද පෙල පිතිකරු උස්මාන් කවාජා වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ දෙවැනි දිනය අද(6) නිමා වුණේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව වෙත නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 13ක් ලබා සිටියේ ඕස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 416ට පිළිතුරු ලෙසයි.

එක් අවස්ථාවක උඩ පන්දුවක් ලබා දීමෙන් එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි දැවී ගිය නමුත්, මිචෙල් ස්ටක් යොමු කළ එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ඔහුට තවදුරටත් පිටියේ රැදී සිටීමට අවස්ථාව උදා වුණා.

අද දිනට තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියා.

ඔස්ට්‍රේලියා ඉනිම ලකුණු 400 සීමාව පසු කර යාම සදහා ඉනිමේ නැංගුරම බවට පත් වූ 35 හැවිරිදි උස්මාන් කවාජා සිය ටෙස්ට් දිවියේ 9 වන ශතකය වාර්තා කරමින් පන්දු 260කින් ලකුණු 137ක් ලබා ගත්තා.

ස්ටීවන් ස්මිත් ලකුණු 67කට දැවී ගියා. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 115ක්.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 101කට කඩුලු 5ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 403 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...