මන්ජ්රේකාගේ විස්තර විචාරක දිවිය නිම වන ලකුණු

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට තමාට අවස්ථාවක් ලබා දෙන්නැයි ඉන්දීය ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක සන්ජේ මන්ජ්රේකා කළ ඉල්ලීම එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක ලැයිස්තුවට ඔහුව ඇතුළත් කර නොතිබූ බැවින් සන්ජේ මන්ජ්රේකා විසින් තමාට ඒ සදහා අවස්ථාවක් ලබා දෙන්නැයි එරට ක්‍රිකට් ආයතනයෙන් පසුගියදා ඉල්ලීමක් සිදු කළා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර අයි.පී.එල් තරග වාරය සදහා ඉන්දියාවෙන් නම් කර ඇත්තේ සුනිල් ගවස්කාර්, එල්. සිවරාමක්‍රිෂ්නන්, මුරලි කාර්තික් සහ හර්ෂා බෝග්ලි යන අය පමණක් බව සදහන්.

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වූ සන්ජේ මන්ජ්රේකා 1996 වසරේ දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව විස්තර විචාරකයෙකු ලෙස ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තා.

පසුගිය මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වූ විස්තර විචාරකයින්ගේ ලැයිස්තුවෙන් ද ඔහුව ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

2019 ලෝක කුසලාන තරගාවලියේ දී රවීන්ද්‍ර ජඩේජාට එරෙහිව ප්‍රකාශයක් සිදු කිරීම සහ ඉන්දීය කණ්ඩායම සහභාගී වූ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ දී (බංග්ලාදේශයට එරෙහි) සජීවීව හර්ෂා බෝග්ලි සමග යම් මතභේදාත්මක අදහස් හුවමාරුවක් සිදු කර ගැනීම හේතුවෙන් පසුගිය වසරේ දී ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...