ඉන්දියාවට ක්‍රිකට් එපා කර අදට වසර 23 ක්

Date:

ශ්‍රී ලංකාව සහ ක්‍රිකට් ලෝක වාර්තා අතර තියෙන්නේ පුදුමාකාර බැදීමක්.

එක් කලක් ටෙස්ට්, එක්දින, සහ 20යි 20 යන තරග රටා ත්‍රිත්වයේම ඉනිමක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවලට හිමිකම් කීවේ ද ශ්‍රී ලංකාවයි.

වසර ගණනාවක් එම ලෝක වාර්තා තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අතරින් එක්දින සහ 20යි 20 ලෝක වාර්තා නම් මේ වන විට ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් වන්නේ නැහැ.

නමුත් වසර 23ක් තිස්සේ කිසිදු කණ්ඩායමකට බිද හෙලිය නොහැකි වූ ලෝක වාර්තාවක් තවමත් ශ්‍රී ලංකාවට හිමියි.

ඒ, ටෙස්ට් තරගයක කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව.

ඉන්දියාවට එරෙහිව කොළඹ දී 1997 වසරේ අගෝස්තු 6 වනදා, එනම් අද වැනි දිනක තමයි ශ්‍රී ලංකාව ඒ ලෝක වාර්තාව පිහිටුවන්නේ.

එම ලෝක වාර්තාවට අදට වසර 23ක් සපිරිනෙවා.

මේ තරගය ශ්‍රී ලංකාවට විශේෂ වීමට තවත් හේතු කිහිපයක්ම තියෙනවා.

ඒ, හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය සිය ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 340 වාර්තා කරන්නේ ද මෙම තරගයේ දී වීම හේතුවෙන්.

එය ද වාර්තා වන්නේ අදට හරියටම වසර 23කට පෙරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ පළමු ත්‍රිත්ව ශතකය එය ලෙසයි ඉතිහාස ගත වුණේ.

ඔහු සහ රොෂාන් මහානාම අතර දෙවන කඩුල්ලට ලකුණු 576ක සබදතාවයක් ගොඩ නැගුනු අතර, ලෝක ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක ඕනෑම කඩුල්ලක් සදහා පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි එය එදින ඉතිහාස ගත වුණේ.

හිටපු නායක මහේල ජයවර්ධන ටෙස්ට් වරම් දිනා ගත්නේ ද මෙම තරගයේ දී වීම විශේෂත්වයක්.

සනත් – රොෂාන් එක්ව අදාළ ලෝක වාර්තාව පිහිටුවීමේ දී ක්‍රීඩාගාරයට වී සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටි මහේල අනාගතයේ දී එම ලෝක වාර්තාව තමාගේ සහ සංගාගේ නමින් බිහිවේවි යැයි සිහිනයකින්වත් නොසිතන්නට ඇති.

සනත් ත්‍රිත්ව ශතකය වාර්තා කළ අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...