මහේල ජයවර්ධන කොදෙව් දේශයට

Date:

2022 යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන 9 වැනිදා තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්ව යාමට නියමිතයි.

ජනවාරි 14 වැනිදා ආරම්භ වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වන විට කොදෙව් දූපත් හි රැදී සිටිනවා.

ඔවුන් එම තරගාවලියට එක් වන්නේ යොවුන් ආසියානු අනුශූරයින් ලෙසයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධන මහතායි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල උපදේශක පුහුණුකරු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන මහතා පසුගිය වසරේ දී පත් කෙරුණු අතර, ඔහුගේ වසරක ධූර කාලය පසුගිය පළමු වැනිදා සිට ආරම්භ වුණා.

මෙවර යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව D කාණ්ඩයෙන් තරග වදින අතර, මූලික වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඔස්ට්‍රේලියාව, සත්කාරක කොදෙව්වන් හා ස්කොට්ලන්තයයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 14 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...