ඉන්දීය පළමු ඉනිම ලකුණු 202කට සීමා වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය වැඩබලන නායක කේ.එල් රාහුල් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

නිත්‍ය නායක විරාට් කෝලි ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.

කේ.එල් රාහුල් ලකුණු 50ක් ලබා ගත් නමුත්, නම් දැරූ සෙසු පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

මයාන්ක් අගාර්වල් ලකුණු 26කටත්, චෙටස්වර් පුජාරා ලකුණු 3කටත්, අජින්කෙයා රහානේ පළමු පන්දුවෙනුත් දැවී ගියා.

කෝලි වෙනුවට මෙම තරගයට ආදේශ කෙරුණු හනුමා විහාරි ලකුණු 20ක් ලබා සිටියදී දැවී ගියේ රසී වැන් ඩර් ඩුසේන් රැක ගත් සුපිරි උඩ පන්දුක් හේතුවෙන්. (දර්ශන පහතින්)

රිෂාබ් පාන්ට් ලකුණු 17ක් රැස් කළා. බිද වැටුණු ඉනිමට යම් සහනයක් ගෙන ඒමට සමත් වූ ආර්. අශ්වින් ලකුණු 46ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් කඩුලු 4ක් බිද හෙලූ අතර, ඩුවාන් ඔලිවියර් හා කාගිසෝ රබාඩා කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...