යොවුන් ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරේ

Date:

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(2) නිවේදනය කළා.

දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නිමා වූ යොවුන් ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයම 2022 යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ආසියානු තරගාවලියට එක් වූ එම ක්‍රීඩකයින් අද ඩුබායි සිට බටහිර ඉන්දීය කොදෙව් දූපත් කරා පිටත්ව යාමට නියමිතයි.

මෙවර යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව D කාණ්ඩයෙන් තරග වදින අතර, මූලික වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඔස්ට්‍රේලියාව, සත්කාරක කොදෙව්වන් හා ස්කොට්ලන්තයයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 14 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

  • The Squad :
    Dunith Wellalage (C), Shevon Daniel, Anjala Bandara, Pawan Pathiraja, Sadisha Rajapaksa, Wanuja Sahan Kumara, Raveen De Silva (VC), Ranuda Somarathne, Malsha Tharupathi, Traveen Mathew, Yasiru Rodrigo, Matheesha Pathirana, Chamidu Wickramasinghe, Vinuja Ranpul, Sakuna Liyanage, Abhisheak Liyanaarachchi, Sadeesh Jayawardena

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...